ඔලිම්පික් සමඟ එළියට ආ ලේඩි ගාගාගේ පෙම්වතා මෙන්න

ලේඩි ගාගා (Lady Gaga) විසින් මයිකල් පොලන්ස්කිව ඇගේ පෙම්වතා හැටියට ප්‍රසිද්ධියේම හඳුන්වා දීලා.
ඒ පැරිසියේදී.
පසුගිය ඉරිදා ඔලිම්පික් තරග නරඹමින් සිටියදී ලේඩි ගාගාට මුණගැසුණු ප්‍රංශ අගමැති හටයි ඇය මෙම හඳුන්වාදීම සිදුකර තිබුණෙ.
ඒ අනුව, අගමැති සමාජ මාධ්‍ය පිටුවක පළ කරන ලද වීඩියෝවක සඳහන් වෙන්නේ ලේඩි ගාගා ඇගේ සිව් වසරක පෙම්වතා වූ මයිකල් පොලන්ස්කි “පෙම්වතා” ලෙස හඳුන්වා දුන් බවක්.
ලේඩි ගාගා සහ පොලන්ස්කි, 2020 වසරේ සුපර් බෝල් සති අන්තයේදී ඉන්ස්ටග්‍රෑම් හි ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධය ගැන මුලින්ම ප්‍රසිද්ධියට පත් කරලා තිබුණා.
නමුත් ඔවුන්ගේ සම්බන්ධය වඩාත් පුද්ගලික එකක් වුණා කිව්වොත් හරි.
එම වසරේම (2020) හොලිවුඩ් වාර්තාකරුවකු සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ඇය පොලන්ස්කි ගැන සඳහන් කරමින් අදහස් දැක්වීමද ඔවුන්ගේ සම්බන්ධයට අත්තටු ලැබෙන්න ලොකු හේතුවක් වෙලා තිබුණා.
692 Views
Comments