“ඕන කෙනෙකුට ඕන විදියට සමරන්න පුළුවන්” - හිත් රිදුණු බංග්ලාදේශ මාධ්‍යට මෙන්ඩිස් කියූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

“ඕන කෙනෙකුට ඕන විදියට සමරන්න පුළුවන්” - හිත් රිදුණු බංග්ලාදේශ මාධ්‍යට මෙන්ඩිස් කියූදේ

“ඕන කෙනෙකුට ඕන විදියට සමරන්න පුළුවන්” - හිත් රිදුණු බංග්ලාදේශ මාධ්‍යට මෙන්ඩිස් කියූදේ

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති ඊයේ තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් දැක්වූ අදහස් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

 

එහි දැක්වෙන්නේ ජයග්‍රහණයේ සතුට ශ්‍රී ලංකා කණ්ඩායම Time Out ක්‍රමයට සැමරීම පිළිබඳව බංග්ලාදේශ මාධ්‍ය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගෙන් ප්‍රශ්නකිරීම හමුවේ ඔහු ලබාදුන් පිළිතුරයි.

 

එහිදී කුසල් මෙන්ඩිස් දැක්වූ අදහස් පහතින්.

"මම හිතන්නේ කෙනෙක් ඒක කළා. මම දන්නේ නෑ ඒකට හේතුව, ඕන කෙනෙකුට තමන්ට ඕන විදියට සමරන්න පුළුවන්. ඒ වෙලාවේ හැමෝම සතුටු වුණා. ඒක නිසා ක්‍රීඩකයින් හැමෝම එය සමරුවා."

views

258 Views

Comments

arrow-up