මතට ලොල් 21 හැවිරිදි පියා දියණිය මරා මිත්තණියගේ අත දෙකට කපයි - මවටත් වයස අවුරැදු 15යි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

මතට ලොල් 21 හැවිරිදි පියා දියණිය මරා මිත්තණියගේ අත දෙකට කපයි - මවටත් වයස අවුරැදු 15යි

මතට ලොල් 21 හැවිරිදි පියා දියණිය මරා මිත්තණියගේ අත දෙකට කපයි - මවටත් වයස අවුරැදු 15යි

ලෝක පියවරුන්ගේ දිනය යෙදෙන අද දිනයේ දී පිය පදවියට නිගාවන අන්දමේ පුවතක් ත්‍රිකුණාමලේ ප්‍රදේශයෙන් වාර්තා වුනා.

 

මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේදී යි.

 

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ 21හැවිරිදි පියෙකු මාස අටක් වයසැති තම සිගිති දියණිය මරා දමා ඇගේ මිත්තණියට බරපතළ තුවාල සිදුකර ඇත.

 

පියා විසින් දියණියට පහර දෙන අවස්ථාවේදී එය වැළැක්වීමට ඔහුගේ බිරිඳගේ මව පැමිණ ඇත. එවිට සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී ඇගේ අත වළලුකර ප්‍රදේශයෙන් වෙන්ව යන පරිදි කපා දමා තිබේ.

 

ප්‍රදේශවාසීන් එක්ව තුවාල ලැබූ 43 හැවිරිදි මිත්තණිය රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

 

පසුව පොලීසිය පැමිණ කැපී වෙන්ව තිබූ අත කොටසද රෝහල වෙත ගෙන යාමට පියවර ගැනුණි.

 

මියගිය දැරියගේ මව ද බාලවයස්කාරියක් වන අතර ඇගේ වයස අවුරුදු 15 කි.

 

සිද්ධිය සිදු වූ ආකාරය දැරියගේ මව මෙලෙස පැහැදිලි කළා.

 

"අපි අල්ලපු ගෙදර ගියා කෑමකට. පවුලේ හැමෝම ඇවිත් හිටියා. සැමියා තමයි දරුවා තියාගෙන ඉඳියේ. දරුවාට මම කිරි දුන්නා. එයා කිව්වා ඇතුලට ගිහින් කිරි දෙන්න කියලා. තාත්තා කිව්වා මෙතන මුල්ලකට වෙලා කිරි දෙන්න පුලුවන්නේ කියලා. මම කියන දේ අහන්නේ නැද්ද කියලා එයා ගහන්න ආවා. තාත්තා කිව්වා පුලුවන්නම් මට ගහපන් කියලා. එයා ගෙදරට දුවගෙන ගිහින් කඩුවක් අරන් ආවා තාත්තාට ගහන්න. අම්මා අල්ලන්න ගියා. එයා අම්මගෙ අත කැපුවා."

 

ප්‍රහාරයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

 

 

 

 

 

 

 

 

 

source: hirunews

views

10288 Views

Comments

arrow-up