කාගෙත් ආදරය දිනූ ඛාන් කෙනෙක් ඔට්ටු ඇල්ලීමේ නඩුවකට අදාලව අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

කාගෙත් ආදරය දිනූ ඛාන් කෙනෙක් ඔට්ටු ඇල්ලීමේ නඩුවකට අදාලව අත්අඩංගුවට

කාගෙත් ආදරය දිනූ ඛාන් කෙනෙක් ඔට්ටු ඇල්ලීමේ නඩුවකට අදාලව අත්අඩංගුවට

මුම්බායි අපරාධ අංශය විසින් ජනප්‍රිය නළු සාහිල් ඛාන්ව (Sahil Khan) පැය 40කට අධික මෙහෙයුමකින් පසු චත්තිස්ගාර්හි දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ, 'මහාදේව්' ඔට්ටු ඇල්ලීමේ යෙදවුමෙහි නඩුව (Mahadev betting app case) සම්බන්ධවයි.

 

බොම්බායි මහාධිකරණය විසින්, සාහිල් ඛාන් අත්අඩංගුවට ගැනීමට පෙර කළ ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරැති බව සඳහන්.

 

මේ සම්බන්ධයෙන් ඔහුව පසුගියදා මුම්බායි පොලිස් සයිබර් විශේෂ විමර්ශන කණ්ඩායම විසින් ප්‍රශ්න කිරීමකටද ලක්කර තිබුණා.

 

සාහිල් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මුම්බායි වෙත රැගෙනවිත් ඇති අතර එහිදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

'ස්ටයිල්' සහ 'එක්ස්කියුස් මී' වැනි චිත්‍රපටවලින් ජනප්‍රිය වූ සාහිල් ඛාන් සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙක් ලෙස වඩාත් ප්‍රකටය.

 

'මහාදේව්' ඔට්ටු ඇල්ලීමේ නඩුව සම්බන්ධයෙන් නළු සාහිල් ඛාන් සහ තවත් පුද්ගලයින් 31 දෙනෙකුට එරෙහිව පරීක්ෂණයක් ක්‍රියාත්මක‍යි.

 

මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම්, ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක විමර්ශනය කරමින් පවතින බවත් සඳහන්.

 

IPL තරග නැරඹීම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ 'මහාදේව්' ඔන්ලයින් ඔට්ටු ඇල්ලීමේ සිද්ධිය ඉන්දීය රුපියල් කෝටි 15,000ක වංචාවක් වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

 

මෙලෙස IPL විකාශන සමාගමේ අනුමැතියකින් තොරව ප්‍රවර්ධනය කළ 'Mahadev' යෙදවුම සම්බන්ධයෙන් මෙම සතිය මුලදී, සුපිරි නිළි තමන්නා භාටියා හටද මහාරාෂ්ට්‍ර සයිබර් පොලිස් විමර්ශන අංශය මඟින් සිතාසි යවා තිබුණා.

 

එමෙන්ම නඩුව සම්බන්ධයෙන් ගායක බාද්ෂා ,සංජේ දත් සහ ජැකලින් ෆර්නැන්ඩස්ගේ කළමනාකරුවන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

views

287 Views

Comments

arrow-up