“මම මීට කලින් අකුරු ලිව්වේ දකුණු අතින්, ආයේ මට කවදාවත් දකුණු අතින් ලියන්න බැහැ” - පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් දිවි ගලවාගත් ක්‍රිශානි තැබූ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
APR
23

“මම මීට කලින් අකුරු ලිව්වේ දකුණු අතින්, ආයේ මට කවදාවත් දකුණු අතින් ලියන්න බැහැ” - පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් දිවි ගලවාගත් ක්‍රිශානි තැබූ සටහන

“මම මීට කලින් අකුරු ලිව්වේ දකුණු අතින්, ආයේ මට කවදාවත් දකුණු අතින් ලියන්න බැහැ” - පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් දිවි ගලවාගත් ක්‍රිශානි තැබූ සටහන

එදවස, පාස්කු උත්ථානයේ ජීවමාන ජේසුස් වහන්සේ වෙනුවෙන් දෙවියන් ඉදිරියට ගිය බොහෝ දෙනෙක් කම්පා වූ දවසක්..



තම ආදරණීයයන් තම ඇස් ඉදිරිපිටදීම ලේවලින් වන්දි ගෙවූ දවසක්..



පාස්කු උත්ථානයේ සුභාරංචිය එක නිමේෂයකින් අන්ධකාරයෙන් වෙළාගත් මොහොතක් බවට පත්වුණේ කවුරුත් නොසිතූ නිමේෂයකයි..



එදා මඩකලපුවට ඉහළින් උදාවන හිරු කිරණ වෙනදා වගේමයි.. ජන ජීවිත සාමකාමීයි....



එහෙත් අන්ධකාරයේ අඳුරු සෙවණැලි තවමත් මේ ජීවිත ඇතුළේ ඉකි ගහනවා..
එහෙත්...මේ අහිංසක මිනිස්සුන්ට යුක්තිය තව බොහෝ දුරයි...



කන්නන් ක්‍රිශානි.....
ඇය එදා දේවස්ථානයට ගියේ ජේසුස් වහන්සේගේ පාස්කු උත්ථානය සැමරීම සඳහායි..
එහෙත්, ඒ සියල්ල නිමේෂයකින් උදුරා ගැනීමට පාස්කු බෝම්බ ප්‍රහාරය කුරිරු වුණා..



දැන් ඇයට වයස අවුරුදු 16ක්...
දකුණු අතින් අකුරු ලියපු ක්‍රිශානිට ... ආයේ කවදාවත් දකුණු අතින් අකුරු ලියන්න බැරි කරන්න තරම් ඒ බෝම්බයේ මූනිස්සම් කැබලි කුරිරු වුණා... දැන් ඇය අමාරුවෙන් වමතින් අකුරු කරන්න හුරු වෙනවා...



මේ ඇගේ සිතුවිලි...

--අදට අවුරුදු 06ක් වෙනවා.
මම මීට කලින් අකුරු ලිව්වේ දකුණු අතින්.
දැන් මගේ දකුණු අත පණ නැහැ.
එදා පල්ලියේ බෝම්බය මට මතක් වෙනවා.
ආයේ මට කවදාවත් දකුණු අතින් අකුරු ලියන්න බැහැ.
අම්මා බලන් ඉන්නේ මට හොඳ වෙනකම්.
කවදා මට යුක්තිය ඉටු වෙයි ද ?



මේ ජිවිත මේ අයුරින් විනාශ කිරීමට හේතුව මොකක්ද?



කාගේ වුවමනාවට, කුමන පරමාර්ථයෙන් මෙම අමානුෂික බෝම්බ ප්‍රහාරය එල්ල කළත්, මේ පුංචි දරු පැටව් කළ වරද කුමක්ද..?



පාස්කු ප්‍රහාරයෙන් මියගිය සහ ආබාධිත තත්ත්වයට පත්වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු වනතුරු මුළු ලෝකයක් බලා සිටින බව අමතක නොකළ හැකි සත්‍යයක්..

 

- උපුටා ගැනීමකි

views

81 Views

Comments

arrow-up