5 හැවිරිදි මල් කැකුළක් දූෂණ කරමින් වීඩියෝ කළ අමන තරුණයෙක් නුගේගොඩදී අල්ලයි - වීඩියෝ යාලුවන්ටත් පෙන්නලා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

5 හැවිරිදි මල් කැකුළක් දූෂණ කරමින් වීඩියෝ කළ අමන තරුණයෙක් නුගේගොඩදී අල්ලයි - වීඩියෝ යාලුවන්ටත් පෙන්නලා

5 හැවිරිදි මල් කැකුළක් දූෂණ කරමින් වීඩියෝ කළ අමන තරුණයෙක් නුගේගොඩදී අල්ලයි - වීඩියෝ යාලුවන්ටත් පෙන්නලා

අවුරුදු 5යි මාස 8ක් වයසැති බිළිඳියක් දූෂණය කරමින් ඊට අදාල දර්ශන සිය ජංගම දුරකථනය හරහා වීඩියෝ ගත කොට මිතුරන් හා බෙදාගත් විසි හැවිරිදි තරුණයෙකු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

මෙම බිලිඳිය නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර අත්අඩංගුවට ගත් තරුණයා ද ඊට යාබද නිවසක පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

 

එසේම මෙම තරුණයා විවාහකයෙකු බව ද පොලිසිය සඳහන් කරන අතර පැය 72 ක රැඳවුම් නියෝග භාරයේ ඔහුගෙන් තවදුරටත් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි පොලීසිය සඳහන් කරන්නේ.

 

මෙම තරුණයා විසින් මෙම බිලිදියට බරපතළ ලිංගික අපයෝජන කර ඇති බව ද වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.

 

මෙම බිළිඳියගේ මවුපියන් පවා මෙම තරුණයා දන්නා බවත් එම හැඳුනුම්කම අවභාවිත කරමින් මොහු මෙම බිළිඳිය හොර රහසෙ අවස්ථා කිහිපයක දී දූෂණය කොට ඊට අදාළ දර්ශන රූගත කොට ඇති බව ද සඳහන්.

 

බිළිඳිය දූෂය කරන වීඩොයෝ පෙන්වූ ඔහුගේ මිතුරන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කොට තිබෙනවා.


මීට අදාළ විමර්ශන නුගේගොඩ කොට්ඨාසය විසින් සිදුකරනු ලබයි.

views

84174 Views

Comments

arrow-up