ලෝකෙ මිනිස්සු යූටියුබ් එකෙන් වැඩියෙන්ම නැරඹූ මියුසික් වීඩියෝ - බලන්න ඔයත් මේවා බලලා තියෙනවද කියලා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
08

ලෝකෙ මිනිස්සු යූටියුබ් එකෙන් වැඩියෙන්ම නැරඹූ මියුසික් වීඩියෝ - බලන්න ඔයත් මේවා බලලා තියෙනවද කියලා (PHOTOS)

ලෝකෙ මිනිස්සු යූටියුබ් එකෙන් වැඩියෙන්ම නැරඹූ මියුසික් වීඩියෝ - බලන්න ඔයත් මේවා බලලා තියෙනවද කියලා (PHOTOS)

යූටියුබ් කියන්නෙ, වර්තමානය වෙද්දි මිනිස්සු සිංදු අහන්නයි, බලන්නයි එන ජනප්‍රියම සමාජ මාධ්‍ය කිව්වොත් නිවැරදියි. අද අපි කියන්න යන්නෙ, එදා - මෙදාතුර යූටියුබ් එකේ වැඩිම Views තියෙන මියුසික් වීඩියෝ 05 මොනවද කියලා. පසුගිය මාර්තු 31 වනදා වනවිට වැඩිම නැරඹුම් වාර තිබ්බ යූටියුබ් මියුසික් වීඩියෝස් තමයි මේ :-

 

01. Despacito -

Luis Fonsi සහ Daddy Yankee එක්ව ගායනා කරන මේ ගීතය නම්, නොදන්න කෙනෙක් නැතුව ඇති. මේ ගීතය තමයි දැනට වැඩිම යූටියුබ් Views ප්‍රමාණයක් හිමි කරගෙන තියෙන ගීතය. මෙම ගීතය දැනට යූටියුබ් නැරඹුම් වාර බිලියන 8.4 ඉක්මවා තියෙනවා.

 

02. Shape of You -

Ed Sheeran ගායනා කරන මේ ගීතයට දැනට තියෙන යූ ටියුබ් නැරඹුම් වාර සංඛ්‍යාව බිලියන 6.2 ක්. මේ ගීතයට ලොව පුරාම ගොඩක් Dancing Covers පවා නිර්මාණය වෙලා තියෙනවා.

 

03. See You Again -

Charlie Puth සහ Wiz Khalifa විසින් ගායනා කරන මේ ගීතය තමයි, Furious 7 චිත්‍රපටයේ Soundtrack එක. Fast and Furious චිත්‍රපට මාලාවේ ප්‍රධානතම චරිතයක්ව ඉඳලා, රිය අනතුරකින් අකාලයේ මියගිය ප්‍රකට හොලිවුඩ් රංගන ශිල්පී පෝල් වෝකර් වෙනුවෙන් නිර්මාණය වුණු මේ ගීතයත් ලොව පුරා අතිමහත් ජනාදරයට පාත්‍ර වුණා. එහි දැනට වාර්තා කරල තියෙන යූටියුබ් නැරඹුම් වාර ගණනත් බිලියන 6.2 ක්.

 

04. Uptown Funk -

Bruno Mars සහ Mark Ronson එක්ව ගායනා කරන මේ ගීතයත්, බොහෝ ජනප්‍රිය වූ අපූරු ගීතයක්. එය දැනට යූටියුබ් නැරඹුම් වාර බිලියන 5.1 ක් පසුකර යාමට සමත් වී තිබෙනවා.

 

05. GANGNAM STYLE -

‍PSY විසින් ගායනා කරන මේ ගීතය මීට වසර 11 කට පෙර නිකුත් වූ කාල වකවානුවේ ඉඳලා අද වෙනකල්ම ලොකු - කුඩා කාගේත් අතර ජනප්‍රිය වෙලා තියෙන විනෝදකාමී ගීතයක්. එම ගීතයටම විශේෂ වූ නර්තන විලාසය නිසාත් බොහෝ කතාබහට ලක්වුණු මෙම ගීතයේ නැරඹුම් වාර ගණනත් බිලියන 5.1 ක්.

 

views

275 Views

Comments

arrow-up