“මගේ හිතේ ඇය වෙනුවෙන් තියෙන ආදරයට, ගරුත්වයට වචන මදි...” - ආදරණීය ඇගේ උපන්දිනය වෙනුවෙන් සෙනාලි එක්කල සුබ පැතුම (PHOTOS)

ඊයේ(30) ඇයට විශේෂ දවසක්.. හෙල සිනමාවේ නිලි රැජින මාලනී ෆොන්සේකා.. ඊයේ උපන්දිනය සැමරුවා.
සුවහසක් දෙනා ආදරය කරන මේ කලාකාරිණියට අද බොහෝමයක් සුබපැතුම් ගලාගෙන ආවත් මේ කියන්න යන්නේ තවත් එක විශේෂ සුබපැතුමක් ගැන ඇසෙන කතාවක්.. ඇය නමින් සෙනාලි ෆොන්සේකා.. නිලි රැජිනගේ පරම්පරාවෙන් කලාවට දායාද වුණු තවත් සම්පතක් වෙන සෙනාලි මේ සුබ පැතුම එක්කළේ ඇගේ ලොකු නැන්දාටයි.. මෙන්න බලන්නකෝ ඒ විශේෂ දවසේ ඇය වෙනුවෙන් එක්කරලා තිබුණු මේ සටහන..
"ලොකයට ඈ "හෙල සිනමාවේ නිලි රැජින" වෙනවිට, ඇය මගේ මවට පසූ මගේ ලොකයේ "රැජිනයි"... මාලිනි ෆොන්සේකා කියන නිලි රැජින දිහා බලා උගත් පාඩම් සේම, මාලිනි කියන පොලොවේ පය ගහලා ඉන්න ගැහැනිය දෙස බලා උගත් පාඩම් බොහෝය... මම රංගනශිල්පිනියක් සේම ගැහැනියක් විදිහට හිතින් වැටුනු ගොඩාක් තැන්වලදි ඈ සමග කතා කරපු ඒ වචන දෙක ඇති මගේ ඔලුව කෙලින් කරගෙන ජිවිතේ හදා ගන්න, සමහරක්වෙලාවට කතා කරන්නද අවශ්‍යවන්නේ නැත... අදටත් ඈ දිහා බලා "spellbound"වෙන වෙලාවල් එමටයි, ඇ ආදරේට ආදරේ කරන හරිම කරුනාවන්ත අවංක හදවතක් තියෙන ගැහැනියක් වගේම ඒ ගැහැනියගේම හිත මෙතරම් ශක්තිමත්, මොන දේ උනත් ඔලුව කෙලින් තියාගෙන ජිවිතේ ඉස්සරහට යන්න පුලුවන් ගැහැනියම වෙනවා දකිනකොට පුදුම ශක්තියක් මගේ හිතටත් එන්නේ...
කියන්න දේ බොහෝය. නමුත් මගේ හිතේ ඇය වෙනුවෙන් තියෙන ආදරයට, ගරුත්වයට වචන මදි... ඒ නිසා වැඩි පුරසාරම් දොඩන්නේ නැතුව ලෝකෙට පේන්න හෝ නොපෙනෙන්න මම මට පුලුවන් හැම මොහොතේදීම ඇය සමග ඉන්නවා, එච්චරයි"
86 Views
Comments