බිඳුණු පෙම දරාගනු නොහැකිව සිටි සිසුවිය මරු තුරුළට ගිය හැටි

ප්‍රේම සම්බන්ධතාවයක් බිඳ වැටීම නිසා කිළිනොච්චියේ පාසල් ශිෂ්‍යාවක් සිය නිවසේ බාල්කයක එල්ලී 31 දා සියදිවි හානි කරගෙන තිබේ.
අරවින්දන් දුසානි නැමති 18 හැවිරිදි මෙම සිසුවිය වසර දෙකක පමණ කාලයක සිට ප්‍රේම සම්බන්ධය පවත්වා ගෙන ගොස් ඇති අතර පෙම්වතා ඇයට හොරෙන් වෙනත් සිසුවියකට පෙම් කිරීමේ සිද්ධියක් හෙළි වීමෙන් පසුව ඇය ගෙළ වැලලාගෙන මියගොස් ඇත.
ඇය සියදිවි හානි කරගත් අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර නිවැසියන් පැමිණෙන විට ඇගේ සිරුර එල්ලෙමින් තිබෙනු දැක තිබේ.
වහාම මේ පිළිබඳව කිළිනොච්චිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිස් නිලධාරීන් පරීක්ෂණ කටයුතු සඳහා මෘත ශරීරය කිලිනොච්චිය රෝහල වෙත බාර දී තිබේ.
කිළිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
197 Views
Comments