බිරිඳ සහ දරුවා අතහැර 14 හැවිරිදි පාසල් සිසුවියක් සමඟ පවුල් කන්න ගිය පියාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

බිරිඳ සහ දරුවා අතහැර 14 හැවිරිදි පාසල් සිසුවියක් සමඟ පවුල් කන්න ගිය පියාට වැඩ වරදී

බිරිඳ සහ දරුවා අතහැර 14 හැවිරිදි පාසල් සිසුවියක් සමඟ  පවුල් කන්න ගිය පියාට වැඩ වරදී

තම බිරිඳ සහ එකම දරුවා අතහැර වයස අවුරුදු 14ක් වන පාසල් ශිෂ්‍යාවක් සමග අඹු සැමි ජීවිතයක් ආරම්භ කිරීම සඳහා ඇය සමග පලා ගොස් සිටි 26 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

 

සැකකාර එක්දරු පියා නිට්ටඹුව රන්පොකුණගම නිවාස සංකීරණයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වෘත්තියෙන් පැණිබීම බෙදාහැරීමේ නියෝජිතයෙකි.

 

ඔහු රහසිගතව 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් සමග  ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය 17 වැනිදා ඔහු තම විවාහක බිරිඳ සහ දරුවා අතහැර දමා පාසල් ශිෂ්‍යාව සමග හොර රහසේ පලා ගොස් නිවසක නවාතැන් ගෙන තිබේ.

 

තම දියණිය අතුරුදන් වී ඇති බව දැන ගත් පාසල් ශිෂ්‍යාවගේ මව මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත. පසුව වයස අවුරුදු 14ක් වන දියණිය විවාහකයකු සමඟ පවුල් කන බව දැනගත් ඇය තම දියණියට දුරකථන ඇමතුමක් ලබාදී උපායශීලීව ඇයව ආපසු ගෙන්වා ගෙන තිබෙනවා. එහිදී ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර එක්දරු පියා ව අත්අඩංගුවට ගැනුණා.

 

සිසුවිය හා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති අතර පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.

views

19424 Views

Comments

arrow-up