“මේ ඡායාරූප ගත්තෙ මගේ ගර්භනී කාලේ 9 වැනි මාසේ” - සමාජ ජාලා කැළඹූ ඡායාරූපවල ඇත්ත කතාව (PHOTOS)

හරි අපූරු 'ගැබිනි කතකගේ ඡායාරූප එකතුවක්' සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන්න අරන්.
ඒ වෙනින් කාගෙවත් නෙවෙයි, නිළි රිචා චාඩාගෙ (Richa Chadha)
රිචා - අලි ෆසාල් දෙන්නා දියණියකව පිළිගත්තෙ ජුලි 16 වැනිදා.
නමුත් මේ ඡායාරූප එකතුව නම් කවුරු අතරත් කතාබහට ලක්වෙන්න ගන්නෙ සැප්තැම්බර් 22 පටන්. ඊට හේතුව ඇය මේවා බෙදාගෙන තිබුණෙ, 'Daughter’s day' එක වෙනුවෙන් වීම නිසා.
රිචා දියණියව කුස දරාගෙන ඉන්න ඡායාරූප එකතුව කලාත්මක බවින් අනූනයි. ශරීර පින්තාරු කලාවත් ඊට ඈඳාගෙන.
ඡායාරූප එකතුවත් එක්ක ඇය මේ විදියට සටහනකුත් බෙදාගෙන තිබුණා.
''මේ ඡායාරූප ගත්තෙ මගේ ගර්භනී කාලේ 9 වැනි මාසේ.
මට දුවෙක් ලැබෙනවා කියලා මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ...''
245 Views
Comments