රුපියල යළි ඉහළ යයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වී තිබෙනවා.
මහබැංකුව අවසන්වරට විනිමය අනුපාත නිකුත් කළ පසුගිය 28 වනදා එහි විකිණුම් මිල රුපියල් 316.67 ක් ලෙස දැක්වුණු අතර, අද එය දැක්වුණේ රුපියල් 314.98 ක් ලෙස ලෙසයි.
අද දින ඩොලරයක ගැනුම් මිල රුපියල් 299.87 ක් ලෙස සටහන්ව තිබුණා. එය පසුගිය 28 වනදා දැක්වුණේ රුපියල් 301.15 ක් ලෙසයි.
මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,
මහජන බැංකුව - රු. 296.82 - රු. 314.38
සම්පත් බැංකුව - රු. 297.00 - රු. 312.00
කොමර්ෂල් බැංකුවේ - රු. 296.92 - රු. 315.00
හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 300.00 - රු. 315.00
සෙලාන් බැංකුව - රු. 300.50 - රු. 315.50
ඩී.එෆ්.සී.සී. (DFCC) - රු.297.00 - රු. 317.00
එන්.ඩී.බී. (NDB) - රු. 299.00 - රු. 314.00
අමානා බැංකුව - රු. 298.00 - රු.308.00
ලංකා බැංකුව - රු.300.50 - රු. 314.92
535 Views
Comments