JUN
19
බොර තෙල් මිල පහළට

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ අන්දමට අද දිනයේ බොර තෙල් මිල 1%කට වඩා වැඩි ගණනකින් අඩුවී තිබේ.
පසුගියදා ඔපෙක් සාමාජිකයින් ලෝක වෙළෙඳපොළට බොර තෙල් සැපයුම අඩුකළ අතර ඒ හේතුවෙන් බොර තෙල් මිල වැඩිවිය.
නමුත් චීන ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු හේතුවෙන් ලෝක වෙළෙඳපොළට ඇතිවී ඇති බලපෑම හේතුවෙන් බොර තෙල් මිල අඩුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
අද දිනයේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.83 දක්වාද වෙස්ට් ටෙක්සාස් බොර තෙල් බැරලයක මිල ඩොලර් 71.02ක් දක්වාද අඩුවී තිබුණි.
361 Views
Comments