ඉදිරියේදී බඩු මිලට වෙන දේ මෙන්න

භාණ්ඩ වල මිල තත්ත්වයන් ඉදිරි මාස කිහිපය තුළද උච්චාවචනයන්‍ට ලක් විය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා ඇත. ඩොලරයේ ඉල්ලුම හා සැපයුම මත තීරණය වන රුපියලේ අගය ශක්තිමත්ව පවත්වා ගෙන යාමට නම් අවම වශයෙන් ඩොලර් බිලියන 5 කවත් විදෙස් සංචිත අවශ්‍ය බවත් පසුගිය මාසයේ මහ බැංකුව කළ නිවේදනයට අනුව මේ වනවිට ලංකාව සතුව ඇත්තේ ඩොලර් බිලියන 2.2 ක් පමණ බවත් ඔහු සඳහන් කර තිබේ.
පෙර පැවති තරම් පීඩනයක් එල්ල නොවුනද යම් අස්ථාවරත්වයන් කිහිපයකට මුහුණ දීමට සිදු වනු ඇති බව සහ එයට ජාත්‍යන්තර මූල්‍ය සහයෝගය ලබාගැනීම හැර වෙනත් පිළියමක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.
372 Views
Comments