රුපියල ශක්තිමත් වූ හැටි මුදල් රාජ්‍ය ඇමති පහදයි

පසුගිය කාලය තුළ රජය විසින් ගන්නා ලද සුවිශේෂී පියවර රැසක් රුපියල ශක්තිමත් වීමේ ක්‍රියාවලියට හේතු කාරණා වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කොට සිටී.
ඒ මහතා කියා සිටින්නේ ජනවාරි මාසය තුළ පමණක් විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකන් ඩොලර් බිලියන 437 ක ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති අතර ජනවාරි මාසයේ සිට පෙබරවාරි මාසය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය 4.5% කින් ඉහළ ගොස් ඇති බවයි.
එසේම, පසුගිය කාලයේ සංචාරක ක්ෂේත්‍රය තුළ සිදු වූ සීඝ්‍ර වර්ධනය ද මෙම තත්ත්වයට හේතු කාරණා වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.
263 Views
Comments