ශ්‍රී ලංකාවේ දුගී භාවය දෙගුණ වී ඇතැයි ලෝක බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතිකය 2021 දී අඛණ්ඩව ඉහළ ගිය බවත්, එය 2021 සහ 2022 වර්ෂ අතර, 13.1% සිට 25% දක්වා දෙගුණයකින් වැඩි වූ බවත් ලෝක බැංකුව සිය ද්විවාර්ෂික වාර්තාවෙන් පෙන්වා දෙයි.
මෙම වැඩිවීම මගින් 2022 දී අතිරේක මිලියන 2.5 ක ජනතාවක් දරිද්‍රතාවයට ලක්ව ඇති බව වාර්තාව අවධාරණය කරයි.
ඉහළ යමින් පවතින ආහාර අර්බුදය, සෞඛ්‍ය හා අධ්‍යාපන අනාරක්ෂිත බව මන්දපෝෂණය සහ පවුල් බිඳවැටීම් වැඩිවීමටද හේතු වී ඇති බවද වාරතාවේ දැක්වේ.
ඒ අනුව දැනට පවතින බහුවිධ අවදානම් හේතුවෙන් ඉදිරි වසර කිහිපය තුළදී දරිද්‍රතාවය 25% ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ලෝක බැංකුව පවසයි.
354 Views
Comments