FEB
27
වරාය නගරය වෙනුවෙන් නව ආර්ථික නීති තැනීමට ජනපතිගෙන් තරුණ නීතිවේදීන්ට ඇරයුම්

අක්වෙරළ ආර්ථික නීතියක් සහිත මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස නව වරාය නගරය සංවර්ධනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී.
එයට සමගාමීව අක්වෙරළ ආර්ථික නීතිය පිළිබඳ විශේෂඥ දැනුමක් ලබා ගන්නා ලෙස ද, වරාය නගරය සඳහා නව නීති ප්‍රවර්ධනය වෙනුවෙන් කමිටුවක් පිහිටුවන ලෙසද ජනාධිපතිවරයා තරුණ නීතිඥවරුන්ගේ ඉල්ලා සිටී.
කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති රාජකීය විද්‍යාලයේ උත්සවයකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කර සිටියේය.
306 Views
Comments