ආයෝජන ප්‍රවර්ධනයට ජනපතිගෙන් සැලසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

ආයෝජන ප්‍රවර්ධනයට ජනපතිගෙන් සැලසුමක්

ආයෝජන ප්‍රවර්ධනයට ජනපතිගෙන් සැලසුමක්

මහනුවර හන්තාන ප්‍රදේශයේ ඉදිකළ මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබා දීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත් කරන බවයි.

 

ලංකාවට පැමිණෙන ආයෝජකයන්ට ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබාගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටළුවක් බවත්, එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බවත් ඔහු පෙන්වා දුන්නේය.

 

ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් පත්කර, එක් ආයතනයක් මගින් ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවත්, ඉදිරි සති දෙක තුනක කාලය ඇතුළත එහි වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි කටයුතු ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

views

280 Views

Comments

arrow-up