SEP
21
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත බලත්මකයි

2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත ඊයේ (20) සිට බලාත්මකයි.
ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඊයේ (20) සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට අත්සන් කිරීමත් සමඟයි.
පසුගිය 28 වනදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.
වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 120ට වඩා වැඩි ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, තොග වෙළෙන්ඳන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට අයත් පිරිවැටුම මත 2.5% ක අනුපාතයකින් මෙම බද්ද අය කිරීමට නියමිතය.
මේ මඟින් වාර්ෂිකව රුපියල් බිලියන 140ක ආදායමක් අපේක්ෂා කරයි.
316 Views
Comments