ඩොලරය පහත වැටීමෙන් ලාංකීය තේ වෙළෙඳපොලට මරු පහරක්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම හේතුවෙන් තේ වෙළෙඳපොළ පහත වැටී ඇති බව තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමය පවසා සිටී.
රුපියල ස්ථාවර වීම සමස්ත අපනයන කර්මාන්තයටම බලපෑමක් එල්ලකර ඇති බැවින්, තේ වෙළෙඳපළට ද එය ඍජු ලෙස බලපා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසා සිටී.
ඔවුන් පවසා සිටින්නේ අමු තේ දළු සඳහා ගෙවනු ලබන අමතර ගෙවීම් නතර කිරීමට සිදු වූ බවත්, විදුලි බිල ඉහළ යාම නිසා කර්මාන්තශාලා වියදම ද වැඩිවී ඇති බවත් ය.
322 Views
Comments