AUG
18
උද්ධමනය ගැන මහ බැංකු අධිපතිගේ නවතම අනාවරණය

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අවස්ථාවල ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ සාධනීය ප්‍රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේය.
එම තත්ත්වය තුළ ඉදිරියේදී උද්ධමනය අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම කීය.
මේ වන විට විදේශ විනිමය හිඟය යම් තරමටකට අඩුවී බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ප්‍රමණයක් තිබෙන බවද කී මහ බැංකු අධිපතිවරයා රටේ ආනයන වියදම අඩුවී අපනයන ආදායම වර්ධනය වී ඇතැයිද පැවසුවේය.
296 Views
Comments