DEC
23
ඉන්දීය ගුවන්තොටුපොළේ අහඹු කොවිඩ් පරීක්ෂණ

ඉන්දියාවේ දැනට පැතිරී යන නව කොරෝනා උප ප්‍රභේදයේ අවධානම හේතුවෙන් ගුවන් තොටුපොළ දී විදේශිකයන් අහඹු කොරෝනා පරීක්ෂණවලට සිදු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාවෙන් සියයට දෙකක අහඹු පරීක්ෂණ සිදු කෙරනු ඇති බවයි.
චීනයේ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බී එෆ්. සෙවන් නැමැති ඔමික්‍රෝන් උප ප්‍රභේදය වැළඳුණු දෙදෙනෙක් ඉන්දියාවේ ගුජරාට් සහ ඔඩීෂා ප්‍රාන්තවලින් හමුවූ වාර්තා වුණා.
1362 Views
Comments