ලෝක උරුමයක් වූ පොළොන්නරුව
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
01

ලෝක උරුමයක් වූ පොළොන්නරුව

ලෝක උරුමයක් වූ පොළොන්නරුව

අනුරාධපුර යුගය හා සසඳන කල කෙටි කාලයක් පැවතුණ රාජධානියකි පොළොන්නරුව. ලෝක උරුමයක් ලෙස නම් කළ පොළොන්නරුවේ විශ්මිත ස්ථාන රාශියකි.


පොළොන්නරුවේ ගල් විහාරය.

බොදු සිත සැදැහැයෙන් පුරවාලන පොළොන්නරුවේදී අපට හමුවන ප්‍රධාන පුද බිම උත්තරාරාමය හෙවත් ගල් විහාරයයි. මෙම විහාර සංකීර්ණය 1 පරාක්‍රමබාහු රජතුමා විසින් කරන ලද බව චූලවංශයේ සඳහන්ව ඇත. බුද්ධ ප්‍රතිමා මෙම විහාරයෙහි ගලෙහි නෙලා ඇති බැවින් යන ගල් විහාරය යන නමින් හඳුන්වා ඇත.

වැඩහුන් පිළිමය

විජ්ජාධර ගුහා, සහ නිපන්න ගුහා, පටිමා ලෙන යනුවෙන් හැඳින්වෙන ගුහා 3 කින් මෙම විහාරය සමන්විතය. මෙම ලෙන් ස්වභාවිකව පිහිටි ඒවා නොව ගල් පර්වත හාරා සකස් කරගත් ඒවාය. පරිවතයේ වම් කෙළවරේ අතිශය කලාත්මක නිමාවකින් යුතු හිඳි බුද්ධ ප්‍රතිමාවක් ඇත. බුදුන් වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවන් අවස්ථාවත්, මෙයින් නිරූපණය වේ. දෙනෙත් අඩවන්ව ඇත. මුහුණින් බුදුන්ගේ අධ්‍යාත්මික ගුණ මහිමය විදහා පායි. සිවුර ඒකාංක ලෙස නෙලා ඇත. දෑත සමාධි මුද්‍රාවෙන් යුත් අතර සිංහ රූපයෙන් අලංකාර වූ නෙළුම් ඇතිරිල්ලක් මත හිඳ ඇත.

මහා පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාව

පොළොන්නරුවේ පොත්ගුල් විහාර බිමේ ගල් පර්වතයක් හෑරිමෙන් මතුකොට පරාක්‍රමබාහු රජුගේ ශෛලමය ප්‍රතිමාව නිර්මාණය කර ඇත. පුකොළ පොතක් හා සමාන දෙයක් රැගත්, රැවුළක් ඇති ප්‍රභූවරයකුගේ හා සමාන රූපයක් වේ. එය සෘෂිවරයකුගේ පිළිරුවකැයි සමහරු සැක කරති. පරණවිතාන මහතාගේ අදහස වන්නේ රාජධුරය සංකේතවත් කරන විය ගස අතින් රැගෙන සිටින නිසා මෙය රාජ රූපයක් වන බවයි. ප්‍රතිමාව තුළ බොකුටු හිසකෙස්, දිගු රැවුලක්, ඉදිරියට නෙරූ උදරය, හැරුණු විට උඩුකය නග්නය. පහළ වී ඇත. තේජස හා වයස් ගත බව අනුව රජුගේ යැයි පිළි ගැනේ.

බෞද්ධ වෙහෙර විහාරවල උපෝසථාගාරයට හිමිවනුයේ විශේෂ ස්ථානයකි. ආවාස ගෘහය, දාන ශාලාව, ධාතු මන්දිරය, ගිනිහල් ගෙය, දළ වශයෙන් වෙන වෙනම ගොඩනැගිලි තනා ඇත. පොහොය ගෙය තවත් උපෝසථාගාරය. සීමා ප්‍රසාද ගොඩනැගිලි, ආදියෙහි වැඩ වාසය කරමින් දහස් ගණනක් වූ භික්ෂුන් වහන්සේල්ලා ශාසනික වැඩ කටයුතු වල නිරත වෙති. ආගමික වත් පිළිවෙත් සඳහා මේ ගොඩනැගිලි යොදා නිර්මාණය කරඇත.

මෙවැනි හේතු නිසා පොළොන්නරුව ලෝක උරුමයක් ලෙස නම් කර තිබේ. එබැවින් පොළොන්නරුව නගරයට දෙස් විදෙස් සංචාරකයන් වසරේ සියලු කාලය පුරාම පැමිණෙනවා දැකිය හැක.

 

 

 

 

 

 

 

by Dilki Shamani

views

697 Views

Comments

arrow-up