සුන්දර මාකන්දාව
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
11

සුන්දර මාකන්දාව

සුන්දර මාකන්දාව

සිරිපාදේ යන සමනල්ලු සමනල කන්ද ළඟට එන්නේ දීර්ඝ චාරිකාවක නිරතවෙලා. මේ දීඝ ගමනේ දී ඔවුන් යම් යම් තැන් වල විවේක ගන්නවා. ඒ වගේ තවත් තැනක් තමයි මාකන්දාව කියන්නේ.

කොළඹ නගරයේ ඉදන් සිරිපා කරුණා කරන්න අවිස්සාවේල්ල පැත්තෙන් හැටන් බලා යන කෙනෙකුට ඊට මදකට වන්නට පිහිටා තියෙන්නේ කිතුල්ගල. නමුත් කිතුල්ගල බොහෝ බොහෝ දෙනා යන්නේ පරිසර හිතකාමී වගේම ජල ක්‍රීඩාවෙහි යෙදෙන්න. මේ මාකන්දාව වනාන්තරය පිහිටලා තියෙන්නෙත් කිතුල්ගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයත් කැළණිවැලි රක්ෂිතය තුළ. දේශීය විදේශීය සංචාරකයන් ත්‍රාසජනක ජල ක්‍රීඩා වලට උත්සාහ කරන නිසා කිතුල්ගල සංචාරයේ යෙදෙනවා. එවිට මේ අයට මේ සුන්දර මාකන්දාව වනාන්තරය මගහැරෙනවා.

නමුත් මසුන් කුරුල්ලන් සමනලුන් නරඹා පරිසරය රසවිඳින කෙනෙකුට මාකන්දාව සුන්දර තෝතැන්නක්. මාකන්දාව වනයට මග තියෙන්නෙ කිතුල්ගල තානායම අසලින්. ඒ අසල තිබෙන ප්‍රසිද්ධ නාන තොටුපොළක් සමග මාකන්දාව රක්ෂිතයට සහ එම ගම්මානයට ගමන් කරන්න්වෙ කැලණි ගඟ හරහායි. ගම්වාසීන් වගේම සංචාරකයන් එගොඩ කරන්න තොටියෙක් එහි දවස පුරාම සේවයේ යෙදෙනවා.

එකිනෙක හා වෙලී අවට වියනක් බවට පත්වෙලා තියෙන තුරු ලතා පරිසරයට සෙවණ සලසනවා. මාකන්දාව වන පහස ලබන කෙනෙකුට එහි පිහිටා ඇති ස්වභාවික දිය ඇළි ලෙන් ආදිය නරඹන්න පුළුවන්. ගවේෂණයට පමණක් නොවෙයි නිස්කලංක පරිසරයක මනස සැහැල්ලු කරගන්නට එය උපකාරී වෙනවා.

මාකන්දාවට ඇතුළු වන කෙනෙකුට මුලින්ම හමු වෙන්නෙ මකුලාල යි. වර්ෂා කාලයට එහි දිය ඇලි මවනවා. මකුලාල තරණය කර දැරණියගල කුඩා ගම්මානයට යන ගම්වාසීන් බොහෝ ගණනක් මේ ප්‍රදේශයේ සංචාරය කරන අයට මුණගැසෙනවා.

මාකන්දාව වනයට ඇතුළු වන කෙනෙකුට මකුලැල්ල ජල ධාරාවට අමතරව මීටර් 1600ක් පමණගිය විට ගියවිට ලෙන් කිරිගල ඇල්ල හමු වෙනවා. ඊට අමතරව ඇඟවැටුනුවල අහස්ලෙන් කන්ද හා පන්සලක් ද මේ වනයේ තියෙනවා.

මාකන්දාව ඒක දේශික මිරිදිය සතුන්ට ප්‍රචලිත ආවේණික වනයක්. මෙහි බන්දුල පෙතියා තලකොස්සා ජෝන්ක්ලාස් වැලි ගොව්වා උඩ හදයා වැනි මත්ස්‍ය වර්ග 13ක් ආවේනිකව වාසය කරනවා. කුරුල්ලා නරඹන්න කැමැති ඔබටත් මාකන්දාව හොඳ තෝතැන්නක්. දේශීය හා සංචාරක පක්ෂීන් මෙහි බහුලයි. කැරලුන් බ්‍රහ්ම උකුස්සා නිල් කුරුමිණි කුරුල්ලන් බට්ටිච්චන් කොබෙයියන් මෙහි නිරන්තරයෙන් හමුවෙනවා. සිරිපා කරුණා කරන්න යන මේ සමයේ මාකන්දාවටත් සංචාරය කරන්න අමතක කරන්න එපා. එතරම් මිනිස් පහසක් නොලද මේ සුන්දර වන පෙත තවමත් දූෂිත වී නැහැ නමුත් සංචාරය කරන්නන් ගේ වගකීම වන්නේ පරිසරයේ සුන්දරත්වය එලෙසම තබමින් ආපසු පැමිණීමයි.

 

 

 

 

 

 

 

by Dilki Shamani

Photo source: Internet

 

views

1082 Views

Comments

arrow-up