ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සංස්කෘතික සහයෝගීතාවය සදහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සඳහා සකස් කරනු ලැබූ කෙටුම්පත් ගිවිසුමට නීතිපතිතුමාගේ නිෂ්කාශනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාවයද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනුමැතිය ලැබී ඇත්තේ මෙම ගිවිසුමට අත්සන් තැබීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවටයි 

views

329 Views

Comments

arrow-up