UGC එක අහෝසි වෙයි ද?

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සහාවේ වාර්තාව නිකුත් වී තිබේ.
එම කාරක සභාවේ සභාපති අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
එහි එන නිර්දේශ අතර, දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට වෙනත් ආයතනයක් ප්‍රතිස්ථාපනය කිරීමේ යෝජනාවක් සඳහන් ව ඇත.
එම නිර්දේශවල 4.4.1 යටතේ,
1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපිත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ 1995 අංක 12 දරණ පනත යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය ප්‍රතිස්ථාපනය කරමින් නව පනතක් මගින් ස්වාධීන ''ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක්'' පිහිටුවීම ලෙස දක්වා ඇත.
මෙම කොමිසම තුළ අනුකමිටු පිහිටුවීම සඳහාද නිර්දේශ ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව,
රාජ්‍ය විශ්වවිද්‍යාල, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල / ආයතන, වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල / ආයතන, තත්ත්ව සහතිකය යනුවෙන් අනුකමිටු 04ක් නිර්දේශ හරහා යෝජනා කර ඇත.
464 Views
Comments