මෙවර සරසවි සිසුන් බඳවා ගැනීමේ කටයුතු කඩිනමින්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ, මෙතෙක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ඉතිහාසයේ අඩුම කාලයක් තුළ විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍ය කණ්ඩායමක් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමත්ව ඇති බවයි. 2021 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ පසු, මාස දෙකක් සහ සතියක කාලයක් ඇතුළත සරසවි සඳහා සිසුන් බඳවා ගැනීමට Z-ස්කෝර් ලකුණු ලබා දී ඇති බව ඔහු කියා සිටී.
ඒ මහතා පෙන්වා දෙන්නේ, මෙතක් කල් ප්‍රශ්න පත්‍ර නැවත සමීක්ෂණ කටයුතු නිම වන තෙක් සරසවි සඳහා සිසුන් බඳවා ගැනීම සිදු නොකරන ලද නමුත්, මෙවර ප්‍රතිඵල නිකුත් කළ වහාම ඒ සඳහා අවශ්‍ය කටයුතු යොදා අවසන් කර තිබෙන බවයි.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අවශ්‍ය වන ශිෂ්‍ය අත්පොත ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග වෙළෙඳපොළට නිකුත් කර තිබීම හේතුවෙන් සිසුන් වෙත ඉක්මනින් ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීමේ අවකාශයන් ද ප්‍රතිපාදන කොමිසම සලසා දෙන ලද බැවින් අදාල කාලය අවම කර ගැනීමට හැකිව තිබේ.
317 Views
Comments