සරසවිය යළි විවෘත කරන දිනට භාරකරු සමග පැමිණීම අනිවාර්යයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් නිවේදනයක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි පවසන්නේ, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නැවත විවෘත කරන අවස්ථාවේ, අධ්‍යයන කටයුතු සඳහා ඇතුළත් වීමේදී ශිෂ්‍යයා, භාරකරු හෝ භාරකාර හිමිනම සමග පැමිණීම අනිවාර්යය බවයි. 2022 දෙසැම්බර් 19 වනදා සිට විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කරනු ලැබූ අතර පාලනාධිකාරිය සැලසුම් කර තිබෙන්නේ, 2023 මෙම මස 27 වනදා විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට යි.
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය නෙළුවේ සුමනවංශ හිමි වැඩිදුරටත් සඳහන් කළේ, පළමු වසර සිසුන් පමණක් පළමුවෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගනු ලබන බවයි. විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය පවතින තත්ත්වය හමුවේ තාවකාලිකව විසුරුවා හැර ඇති බව ද උන්වහන්සේ පැවසූහ.
343 Views
Comments