පාසල් දෙවැනි වාරය හෙටින් ඇරඹේ

රජයේ පාසල්වල මෙම වසරේ දෙවැනි පාසල් වාරයේ පළමු අදියර හෙට (24) ආරම්භ වී අගෝස්තු මස 17 වැනිදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
දරුවන්ට අගෝසතු මස 18 සිට 27 දක්වා නිවාඩුවක් ලැබෙන බවත් දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර අගෝසතු මස 28 සිට ඔක්තෝබර් මස 27 දක්වා ක්‍රියාත්මක වන බවත් එම අමාත්‍යංශය පවසයි.
තුන්වැනි පාසල් වාරයේ පළමු අදියර ඔක්තෝබර් මස 30 සිට නොවැම්බර් මස 24 දක්වා පැවැත්වෙන අතර එහි දෙවැනි අදියර ලබන වසරේ (2024) ජනවාරි මස 1 සිට පෙබරවාරි මස 16 දක්වා පැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
467 Views
Comments