ඩෙල්ටා මඩින්න කොවිඩ් එන්නත් මිශ්‍ර කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
12

ඩෙල්ටා මඩින්න කොවිඩ් එන්නත් මිශ්‍ර කරයි

ඩෙල්ටා මඩින්න කොවිඩ් එන්නත් මිශ්‍ර කරයි

කොරෝනා වෛරසයේ නව විකෘති ප්‍රභේදයක් වන සීඝ්‍ර ව්‍යාපතිය සහිත ඩෙල්ටා ප්‍රභේදය විනාශ කිරීම සඳහා කොරෝනා  එන්නත් දෙකක් මිශ්‍ර කිරීමට තායිලන්තය කටයුතු කරමින් සිටී.

 

මෙහිදී චීනයේ නිෂ්පාදිත "සිනොවැක්ස්" පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් අය සඳහා දෙවන මාත්‍රාව ලෙස  "ඇස්ට්‍රොසෙනිකා"එන්නත ලබාදීමට කටයුතු කරන බව තායිලන්ත සෞඛ්‍ය අමාත්‍ය අනුටින් චාන්වීර්කුල් මහතා ප්‍රකාශ කලා.

 

මෙම එන්නත් මිශ්‍ර කිරීම ක්‍රියාවට නැංවූ වුවහොත් චීන කොරෝනා එන්නතක් බටහිර නිෂ්පාදිත කොරෝනා එන්නතක් සමග මිශ්‍ර කරන ප්‍රථම අවස්ථාව වනු ඇත.

views

720 Views

Comments

arrow-up