දුම්රිය ගමන් වාර ගණන වැඩි කෙරේ

සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට අනුකූල වෙමින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සිය දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු කර තිබේ.
ඒ අනුව හෙට සිට දුම්රිය ගමන් වාර 74 ක් ධාවනය වනු ඇත.
මෙම දුම්රියන් කාර්යාල සේවාවන් ඉලක්ක කරගෙන ගමන් කිරීමට නියමිතය.
නව කාලසටහන අනුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ ගමන්වාර 14ක්ද, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමන් වාර 24ක්ද, කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමන්වාර 10ක් ද, පුත්තලම දුම්රිය මාර්ගයේ ගමන් වාර 14ක්ද ගමන් කරවීමට සැලසුම් කර තිබේ.
කෙසේ වෙතත් පළාත් අතර දුම්රිය ගමන් සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක නොවේ.
653 Views
Comments