IDH රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යයි. ඇඳන් ගණනටත් වැඩියෙන් රෝගීන්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
23

IDH රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යයි. ඇඳන් ගණනටත් වැඩියෙන් රෝගීන්

IDH රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යයි. ඇඳන් ගණනටත් වැඩියෙන් රෝගීන්

මේ වන විට අංගොඩ අයි.ඩී.එච් රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයටත් වඩා කොරෝනා ආසාදිත රෝගීන් ඇතුළත් කර ඇති බැවින් එම රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

 

අයි.ඩී.එච් රෝහලේ රෝගීන් 120 දෙනෙකුට පමණක් පහසුකම් පවතින අතර මේ වන විට එහි රෝගීන් 138 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් රෝහලේ දැඩිසත්කාර එ්කකයේ ඇති ඇඳන් 8ම පිරි ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා.

 

කොරෝනා ආසාදිතයින් තවදුරටත් ඉහළ ගියහොත් සෞඛ්‍ය අංශවලට එය දරා ගැනීමට නොහැකි තත්ත්වයක් වනු හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද ප්‍රකාශ කර සිටියා.

 

එම හේතුවෙන් ඉක්මනින් සෞඛ්‍ය අංශ වෙත බරපතළ ප්‍රශ්නයක් පැන නැගෙණු ඇති බවද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජිකයෙකු වන වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවා.

 

ගෙවුනු සිංහල අලුත් අවුරුද්දෙන් පසුව මේ වන විට අංගොඩ අයි.ඩී.එච් රෝහලට ආසාදිතයින් ඇතුලත් කිරීම සීඝ්‍රයෙන් වැඩි වී ඇති බවත් වාර්තා වී තිබෙනවා.

 

ඊයේ (22) දිනයේදී පමණක් අංගොඩ අයි.ඩී.එච් රෝහලේ ආසාදිතයින්ගෙන් 20% ඔක්සිජන් ලබා දී ඇති අතර ඉදිරියේදී තවත් ඔස්සිජන් අවශ්‍යතාවය ඉහළ යන බවට එම ප්‍රකාශකයා ප්‍රකාශ කර සිටියා.

views

812 Views

Comments

arrow-up