10 හැවිරිදි පුතු පණගැන්වූ පියාගේ යතුරුපැදිය වැදී සිඟිති දියණිය මරු තුරුලට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
16

10 හැවිරිදි පුතු පණගැන්වූ පියාගේ යතුරුපැදිය වැදී සිඟිති දියණිය මරු තුරුලට

10 හැවිරිදි පුතු පණගැන්වූ පියාගේ යතුරුපැදිය වැදී සිඟිති දියණිය මරු තුරුලට

10 හැවිරිදි පිරිමි දරුවා විසින් පණ ගැන්වූ පියාගේ යතුරුපැදියේ ගැටී අවුරැදු 1 හමාරක් වයසැති ඔහුගේ බාල සහෝදරිය මියයාමේ අවාසනාවන්ත පුවතක් චාවකච්චේරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

යතුරුපැදියේ හිමිකරු වන පියා එහි යතුර ද සහිතව නවතා වෙනත් කටයුත්තක නිරත වන අවස්ථාවේදී ඔහුගේ 10 හැවිරිදි පුතා ඒ අසල සෙල්ලම් කරමින් සිට ඇත.

 

සිද්දවීමට යන දේ පිළිබඳව තුන් හිතකවත් අදහසක් නොතිබුණු මේ කුඩා දරුවා යතුරුපැදිය පණ ගැන්වූයේ ඔහුගේ අහිංසක දඟකාරකමටය. අවාසනාවට ඔහුගේ වයස අවුරුදු එක හමාරක් වයසැති සිඟිති සහෝදරිය යතුරුපැදි ඉදිරියේ සිට ඇත. හයක් හතරක් නොතේරෙන කුඩා පුතුට පාලනය කරගත නොහැකිව යතුරු පැදිය ඉදිරියට ඇදී කුඩා සිඟිත්තියගේ ඇඟේ ගැටී මෙම අනතුර සිදුව ඇත.

 

වැඩිහිටියන් කිසිවකු ආසන්නයේ නොසිටි අවස්ථාවක සිදුවූ මෙම අනතුරෙන් කුඩා දියණිය ජීවිතක්ෂයට පත්විය. මේ පිළිබඳව පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වයි.

views

733 Views

Comments

arrow-up