හොර නෝට්ටු 815ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
04

හොර නෝට්ටු 815ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

හොර නෝට්ටු 815ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සැකසූ රුපියල් 1000 මුදල් නෝට්ටු 815ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය පොලිසිය සමත් වී ඇත.

 

ව්‍යාජ මුදල් නෝට්ටු පිළිබඳව ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී 35 හැවිරිදි කිලිනොච්චිය, ශාන්තපුරම් ප්‍රදේශයේ පදිංචි සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබූ රුපියල් 815,000 ක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු තොගය පොලිසිය භාරයට ගෙන තිබේ.

 

මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් සොයා කිලිනොච්චි පොලිසිය විමර්ශන සිදුකරයි

 

 

 

 

 

 

 

 

source: hirunews

views

675 Views

Comments

arrow-up