වයෝවෘද්ධ පියාට ඉදල් පහර දී එලෝ ගත් දියණියට වැඩ වරදී

වයෝවෘද්ධ පියෙකුට නිවසට පැමිණීමට ඉඩ ලබා නොදෙමින් ඉදළකින් සහ කුඩයකින් අමානුෂිකව පහර දීමේ සිද්ධියට් ඔහුගේ දියණිය සහ මිනිපිරිය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා
මෙම පහරදීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කෙරෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වූ අත්ර එය පටිගත කර තිබෙනේ අසල්වැසියෙකු විසින්
මෙම පියාණන් සිය දියණිය ජීවත් වෙන නාරාහේන්පිට - දාබරේ මාවතේ නිවසට රැකවරණය පතා පැමිණීමේදී දියණිය විසින් බැන වදිමින් පහර දීම සිදු කර තිබුණා
දියණිය සහ මිනිපිරිය එම පියාට බැණ වදිමින් පහරදෙන්නේ අවශ්‍ය නම් පොලීසියට යන ලෙසටද තර්ජනය කරමින්.
මේ වනවිට පහරකෑමට ලක්වූ පියා රෝහල් ගතකර තිබෙනවා.
අත්අඩංගුවට ගත් දියණිය සහ මිනිපිරියට නඩු පැවරීමට නියමිතයි
539 Views
Comments