59 හැවිරිදි කාන්තාවක් පිහියෙන් ඇන ඝාතනය කරයි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
14

59 හැවිරිදි කාන්තාවක් පිහියෙන් ඇන ඝාතනය කරයි

59 හැවිරිදි කාන්තාවක් පිහියෙන් ඇන ඝාතනය කරයි

ලබුහේන්ගොඩ මුරුතගොඩ ප්‍රදේශයේදී පනස් නව හැවිරිදි කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කර ඇති බවට වාර්තා වේ.

 

මෙම ඝාතනයට හේතුව අනියම් සම්බන්ධතාවයක් බව පොලීසිය සඳහන් කරයි.

 

පසුගිය සදුදා එනම් අප්‍රේල් 12 වන දින සවස් යාමයේ දී මෙම ඝාතනය සිදුවී ඇත. පිහි ඇනුමට ලක් වූ කාන්තාව ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කල නමුත් බරපතළ තුවාල හේතුවෙන් ඇය ජීවිතක්ෂයට පත්වී ඇත.

 

මෙම මිනීමැරුම සඳහා සැක කරන පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය විසින් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබේ. සිද්ධිය පිළිබඳව මිද්දෙණිය පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

views

600 Views

Comments

arrow-up