අදත් පළාත් කිහිපයකට තද වැසි

අද දිනයේ දී සබරගමුව, දකුණ, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ප්‍රදේශ කිහිපයකට සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඇතැම් විට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි ඇති විය හැකි ය.
අද දිනය තුළ කොළඹ සහ සිට මඩකලපුව දක්වාත්, ගාල්ලේ සිට හම්බන්තොට දක්වාත් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මීට අමතරව ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශය විටින් විට රළු විය හැකි බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාව වෙත දැනුම් දෙනු ලබයි.
දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 30 - 40 දක්වා වෙනස් විය හැකිය.
799 Views
Comments