ප්‍රදේශ රැසකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මි.මි 50 ඉක්ම වූ තද වැසි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAR
22

ප්‍රදේශ රැසකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මි.මි 50 ඉක්ම වූ තද වැසි

ප්‍රදේශ රැසකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ මි.මි 50 ඉක්ම වූ තද වැසි

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

 

ඌව පළාතේත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම්ස හිත වැසි ඇතිවේ.

 

කන්කසන්තුරය සිට මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට නැගෙනහිර දක්වා දිශා වලින් හමන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමාඑයි. 

 

සුළගේවේගයපැ.කි.මී. (20-30) පමණ වේ.පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී. 40 දක්වා වැඩිවිය හැක.

 

කන්කසන්තුරය සිට පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශ විටින්වි ට තරමක් රළුවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තදසුළංසමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.


 

views

790 Views

Comments

arrow-up