ගෑස්,කිරිපිටි,සිමෙන්ති අවසන් තීරණය අද
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
OCT
04

ගෑස්,කිරිපිටි,සිමෙන්ති අවසන් තීරණය අද

ගෑස්,කිරිපිටි,සිමෙන්ති අවසන් තීරණය අද

කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවේ දී අවධානය යොමු කෙරුණි.

 

කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුව රුපියල් 200කින්, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 80කින්, ගෑස් රුපියල් 550කින්, සිමෙන්ති රුපියල් 50කින් සහ තිරිඟුපිටි රුපියල් 10කින් මිල ඉහළ නැංවීමට මෙහිදී තීරණය සාකච්ඡා විය.

 

අමාත්‍ය මණ්ඩලයේ තීරණය වූයේ මෙම අවසන් තීරණය ගැනීමට ජනපති වෙත ඉදිරිපත් කිරීමයි.

 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණය අද පස්වරුවේ ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත කමිටුවේදී ගනු ඇත.

views

820 Views

Comments

arrow-up