ලබන වසරේ ජාතික වෙසක් උත්සවය කූරගලදී

ලබන වසරේ වෙසක් පොහෝ දින ජාතික උත්සවය බලංගොඩ කූරගල රජ මහා විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයෙ පැවසුවා.
ඒ ඊයේ කූරගල රජමහා විහාරස්ථානයේ අසදිස ශාක්‍ය සුගත මහා සෑයේ මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීමේ උත්සවයට සහභාගී වූ අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන් කළේ.
මෙවර ජාතික වෙසක් උත්සවය යාපනයේ පැවැත්වීමට නියමිතව තිබේ. මේ හේතුවෙනුයි ලබන වසරේ කූරගල පූජා භූමියේ ජාතික වෙසක් උත්සවය පැවැත්වීමට තීරණය කළ බව මාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඒ අනුව 2022 වසරේ වෙසක් පොහෝ දින ජාතික මහෝත්සවය කූරගල පුදබිමේදී රාජ්‍ය අනුග්‍රහය යටතේ ජනපති ප්‍රධානත්වයෙන් සිදු වීමට නියමිතයි.
904 Views
Comments