රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද සහ හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පූජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද ස්වාමීන් වහන්සේ පවසා සිටියේ ස්ථාන මාරු, නිල ඇදුම් දීමනාව රුපියල් 15,000ක් දක්වා වැඩි කිරීම, මාසික විශේෂ දීමනාව රුපියල් 7,000 දක්වා වැඩි කිරීම ආදී ඉල්ලීම් 10ක් මුල්කර ගනිමින් රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද හා හෙට දිනයන්හිදී අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.
මෙම වැඩ වර්ජනය උතුරු පළාතේ රෝහල්, පොළොන්නරුව , හලාවත , ත්‍රිකුණාමලය යන මහ රෝහල්වල හා මඩකලපුව ශික්ෂණ රෝහලේ ක්‍රියාත්මක නොවේ.
පූජ්‍ය සුගතානන්ද ස්වාමීන් වහන්සේ සදහන් කළේ කොරෝනා වාට්ටු සහ රෝහල්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය සහය ලබාදෙන බවයි.
882 Views
Comments