එංගලන්තයේ වීථි සැරූ ක්‍රීඩකයින් තිදෙනා පංච පුද්ගල විනය කමිටුවක් හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය එංගලන්ත සංචාරයේදී “ජෛව ආරක්‍ෂක බුබුල” බිඳ දමා රාත්‍රී කාලයේ වීථි සංචාරය කළ බවට චෝදනා ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා ලබන බ්‍රහස්පතින්දා (29) විශේෂ පංච පුද්ගල විනය කමිටුව හමුවට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සඳහන් කළේය.
චෝදනා ලැබූ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල එදින විනය කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිතය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂ විනය කමිටුව එදින ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී රැස්වීමට නියමිතව ඇත.
925 Views
Comments