රජය ඩොලර් බිලියනයක ණයක් ගෙවා අවසන්කරයි

අද(27) දිනයේ දී කල්පිරීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් (ISB) සඳහා ආපසු ගෙවීමකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.
ISB ආපසු ගෙවීමත් සමඟ 2021 සඳහා රජයේ විදේශ ණය සේවා බැඳීම් බොහොමයක් ආපසු ගෙවා අවසන් වන බවත් වර්ෂයේ ඉතිරි කාලය තුළ රට තුළ සංචිත නැවත පූරණය කිරීමට ඉඩ සැලසීම සැලකිල්ලට ගත යුතු කරුණ වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.
මේ අතර මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග අනුව ඉදිරි මාස 03 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2,650 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
822 Views
Comments