වැලිකඩ බන්ධනාගරයේ කාන්තා අංශයේ කාණුවේ තහනම් ද්‍රව්‍ය පාර්සලයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
01

වැලිකඩ බන්ධනාගරයේ කාන්තා අංශයේ කාණුවේ තහනම් ද්‍රව්‍ය පාර්සලයක්

වැලිකඩ බන්ධනාගරයේ කාන්තා අංශයේ කාණුවේ තහනම් ද්‍රව්‍ය පාර්සලයක්

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සිටින රැඳවියන් කාණු හරහා ජංගම දුරකථන, දුරකථන බැටරි, සිම්කාඩ් පත් ඇතුළු වෙනත් තහනම් ද්‍රව්‍ය හුවමාරු කිරීමේ උත්සාහයක් ව්‍යාර්ථ කිරීමට බන්ධනාගාර නිළධාරින් සමත්ව තිබෙනවා.

 

ඒ අනුව කාන්තා අංශයේ ළමා සුරැකුම් මධ්‍යස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ ජලය බැසයාමට සකස් කර තිබූ කාණුවේ සූක්ෂම ලෙස රෙදිවලින් ඔතා සඟවා තිබූ ඡංගම දුරකතන 10ක් ඒවාට යොදන බැටරි 14ක්, දුරකථන සිම්පත් 11 ක්, චාජරයක්, ඖෂධ වර්ග කිහිපයක් සොයා ගැනීමට කාන්තා බන්ධනාගාර නිලධාරී වරියක් සමත්ව තිබුණා.

 

මෙලෙස අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල පොලිසිය වෙත ලබා දී තිබුණා.

 

 

views

1112 Views

Comments

arrow-up