විල්බැරෝ ආතල් එක පොලිසි ගිහිං නතර වේ (PHOTOS / VIDEOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
25

විල්බැරෝ ආතල් එක පොලිසි ගිහිං නතර වේ (PHOTOS / VIDEOS)

විල්බැරෝ ආතල් එක පොලිසි ගිහිං නතර වේ (PHOTOS / VIDEOS)

නිරෝධායන නීති කැඩූ අලුත්ගම දර්ගාටවුන්හි මොහොමඩ් අජ්වාද් මොහොමඩ් රිම්සාන් අලුත්ගම පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ඒ මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන්.

 

සංචරණ සීමා ලිහිල් කළ අද දින ඔහු දර්ගා නගරයේ සුපිරි වෙළෙදසැලක් වෙත විල්බැරෝවක් රැගෙන පැමිණ මෙලෙස භාණ්ඩ රැගෙන ගොස් තිබෙනවා.

 

මේ සිද්ධිය අද සමාජ මාධ්‍ය සිසිරා ප්‍රචාරන වූ අතර පසුව නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

 

ඔහු අලුත්ගම දර්ගා නගරයේ පදිංචි 48 හැවිරිදි අයෙක් වෙනවා.

 

අලුත්ගම පොලිසිය වෙත රැගෙන ආ මොහුට පොලිසිය විසින් මාස්ක් එකක්ද දී තිබෙනවා.

 

සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

 

 

views

1424 Views

Comments

arrow-up