ලංකාවේ ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
30

ලංකාවේ ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්

ලංකාවේ ඩෙංගු රෝගීන් ඉහළ යාමේ අවදානමක්

ලංකාව තුළ භයානක ඩෙංගු වෛරස් කාණ්ඩ 4ක් සංසරණය වන බව හා 2වැනි හා 3වැනි වෛරස් කාණ්ඩ ප්‍රදේශ රැසක වැඩිවශයෙන් පැතිරෙමින් තිබෙන බවද නවතම වාර්තාවකින් හෙළි වී ඇත.

 

 


ජාතික ඩෙංගු මර්දන ඒකකය , වෛද්‍ය පර්යේෂණ ආයතනය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ ආයතනය එක්ව සිදු කළ පරීක්ෂණයකදී තහවුරු කරගෙන ඇත්තේ 1වැනි වෛරස් කාණ්ඩය නැවතත් මෙරට තුළ සංසරණය වන බවයි.

 

 


මෙලෙස සංසරණය වන වෛරස් කාණ්ඩවල වෙනසක් සිදුවන විටදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයක් ඇතිවිය හැකි අතර මේ වර්ෂයේ ගත වූ කාලය තුළ ලංකාවෙන් ඩෙංගු රෝගීන් 16,497ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් පවසා සිටියේය.

views

868 Views

Comments

arrow-up