මසකින් පසු රට ඇරියත් සිතු පරිදි අළෙවියක් වුණේ නැහැ - සුරාබදු දෙපාර්තමේන්තුව

මාසයකින් පසු රට අද ඇරිය ද බලාපොරොත්තු වූ ලෙසින් බාර් සොයා ජනතාව බාර් ඉදිරියේ පෝළිම් නොවූ බව සුරාබදු දෙපාර්තමේන්තුව සිය නිරීක්ෂණ හරහා පවසනවා.
විශේෂයෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හී වයින් ස්ටෝස්වලට පාරිභෝගිකයන් අද දිනයේ පැමිණ තිබුණේ සාමාන්‍ය දිනයක් සේ බවද එම දෙපාර්තමේන්තුව කියා සිටිනවා.
කොළඹින් පිටද තත්ත්වය එසේය.
මාසයක සිට බීමට මත්පැන් නොමැතිව සිටි ජනතාව අද මෙලෙස බාර් කරා නොපැමිණියේ ඔවුන් අත මිලමුදල් නොමැති වීම නිසා බවද වාර්තා වෙනවා.
අද දින වැඩි හරියක් අළෙවි වී ඇත්තේ ද ගල් අරක්කු හා බියර් ය.වැඩි වටිනාකමකින් යුත් බෝතල් ඉතා අවම වශෙයෙන් විකිණි තිබුණේය.
සුරාබදු දෙපාර්තමේන්තුව ද මාසක් කිසිදු ලාභයක් නොමැතිව සිටි අතර මේ නිසා රජයටද සුරාබදු ආදායම් කෝටි ගණනින් අහිමි විය.
කෙසේ නමුත් අද බාර් පෝළිමට වඩා තිබී ඇත්තේ උගස් මධ්‍යස්ථාන පෝළිමය.
1503 Views
Comments