AUG
03
මෙරට ජනතාවට දුන් සයිනොෆාම් මාත්‍රා කෝටිය පනී

ඊයේ දිනය වනවිට චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා කෝටියකට අධික ප්‍රමාණයක් මෙරට ජනතාවට ලබා දී ඇත.
සයිනොෆාම් එන්නත ලංකාවේ ජනගහණයෙන් වැඩිම පිරිසකට ලබාදුන් එන්නත වන අතර පුද්ගලයන් 8,284,463 දෙනෙකුට සයිනොෆාම් පළමු මාත්‍රාවද, පුද්ගලයන් 1,803,524 දෙනෙකුට සයිනොෆාම් දෙවන මාත්‍රාවද ලබා දී ඇත.
ඒ අනුව මෙරට ජනතාවගෙන් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව 2,441,368 කි.
810 Views
Comments