රජයේ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට සැරසේ

මහ කන්නයේ වගාවන්ට අවශ්‍ය වන නයිට්‍රජන් දියර පොහොර ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
කාබනික පොහොර නිෂ්පාදනය හා සැපයුම පිළිබඳව අද කෘසිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණු සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එක් ගොවියෙකුට හෙක්ටයාරයක් සඳහා කාබනික පොහොර කිලෝ ග්‍රෑම් 500ක්, ශාක පෝෂක ඇමෝනියම් ඇසිඩ් කිලෝ ග්‍රෑම් 5ක්, පොටෑසියම් කිලෝග්‍රෑම් 35ක් සමගින් ජෛව පොහොර ලීටර් 10ක් ලබාදීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබේ.
එමෙන්ම කාබනික පොහොර නිෂ්පාදනය කරන ගොවියෙකුට රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමටද තීරණය කර තිබේ.
947 Views
Comments