ප්‍රදේශ කිහිපයකට මිලි මීටර 75 ඉක්මවූ වැසි

ශ්‍රී ලංකාවට වයඹ දෙසින් පිහිටි බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බැවින් එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වල නිරතවන ප්‍රජාව ධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර අද (12) දිනයේදීත් බස්නාහිර, සබරගමුව පළාත් වලටත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත් වලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනය දැක්වෙන්නේ.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලත් උතුර, උතුරු මැද, වයඹ පළාත් වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 30 සිට 50 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.
990 Views
Comments